OCTOBER 2011 MIHISARA .

ඉතින් සමුගනිමු ආදරණීය සොයුරිය, ජානකී.


නැවිගල කන්ද
සාමදානයේ සැතපෙන්නා සේ වැතිරගෙන
කදුපාමුල
යටවත්ත මිටියාවත සිසාරා
සොවින් දළුලන වළාතීර අතරේ
නුඹ දුටු දයාබර මානව සිහිනය
ස්වර්ගස්ත වී ඇත්තා සේය . . . . .
එහෙත් එය උත්හාස වෙනු නියතය
ජීවත්වන මව්වරුන්ගේ හදවත් තුරුලේ
නුඹ නැග ගිය කදුමිටියාවත් සිසාර
ජානකී මිස්
   
නුඹ . . . . . .
මවක් නොවුවද කිසිදින
සැබැවින්ම මවක්මය නුඹ
අනුන්ගේ දුවා දරුවනට
අදුරු මුළුතැන් ගෙවල් සිසාරා
හමා ගියාය ස්නේහයේ සතුට සුළග සේ
අම්මාවරුන් හුන්තැනින් ඉහළට ඔසවා හොවා ලූ
විශ්වයේ උන් කුඩා උන් නොවන බව උනට පෙන්වා ලූ
අම්මාවරුන්ගේ අම්මා විය නුඹ . . . . . . .
සවිස්ත්‍රී සමාජ පවුලේ
සමාජ සාධාරණත්ව කතිකාවේ
නිහඩ අකුණුසැරය විය
නුඹ

සැබැවින්ම නුඹට විය දේශපාලනයක්
යහපාලනය පිළිබද පැහැදිලි මතයක්
එහෙයින්
නොවිය යුතුව තිබුණි
නුඹ මෙතරම් කඩිනමින්
රාජිනිය ස්වර්ග රාජ්‍යයේ
විය යුතුව තිබුණි
කටුක දුක් විදින දිරිය ගැහැණිය
වෙනස්කළ යුතු වූ මේ සමාජ වපසරියේ

අප අසරණ වෙලා කියා අපට දැනෙනවා
දයාබර සොයුරියේ
නුඹ වෙතින් හිස් වූ තැන
නුඹට මිය අන් කවරෙකු
රදවන්නද අප
නුඹ කළේ පඩියට රැකියාවක් නොවන නිසා

කෙසේ නම් වලකන්න එහෙත්
නුඹ නික්ම ගොස් හමාරය
නුඹ කළ මෙහෙය උතුම්ය
අනාගතය පුරාවට දොසක් නොඅසා
සදාතනිකව සැතපෙන්න සමාදානයේ
නුඹගේ ආත්මය සුන්දරය
සිනා පිරි මුවැගින් නොකියමු
කදුළු පිරි ‍නෙතැතින් පවැසිමු
ඉතින් සමුගනිමු
ආදරණීය සොයුරිය
ජානකී.

සවිස්ත්‍රි පවුලේ සියළු නෑ හිත මිතුරන්. . . .