Photobucket

OCTOBER 2011 MIHISARA .

2015-11-17 දින ජනතාවාදී අයවැයක් ස‍දහා ක්‍රියාකාරී එකතුව විසින් මරදාන CSR හීදී මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කර තිබුනි.

එහි අදහස් දක්වමින් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ චින්තක රාජපක්ෂ මහතා පවසා සිටියේ,
අලුත් ආණ්ඩුව විසින් ඔවුන් පළමු අයවැය යෝජනාවලිය ලබන 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙවර අයවැය ගොවි, ධීවර, කම්කරු, කාන්තා, වතුකරය, උතුරු නැගෙනහිර මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. එසේ නොවුන හොත් ඊට අදාලව ඉදිරි ක්‍රියාමාර්ග ස‍දහා අප සූදානම්.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුවේදී මධ්‍යකාලීන ආර්ථික ප්‍ර‍තිපත්තිය පිළිබද විශේෂ ප්‍රකාශයක් කළා. එම ප්‍රතිපත්තිය අනුව ඉදිරියේ දී අපි නියෝජනය කරන ක්ෂේත්‍ර‍න් වලට විශාල අභියෝග වලට මුහුණදීමට සිදුවෙනවා. රජයේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ විවෘත හා තරගකාරී ආර්ථිකය බවට පත්කිරීමටයි.

2015 සංඛ්‍යාලේඛන අනුව අපේ රට ලෝකයේ සාගිනි තත්වයේ රාජ්‍යයක් බවට පත්වෙලා. අපේ රටේ දරුවන්ගෙන් 21.6% ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා.

අපේ රටේ ජනගහනයෙන් 43% කගේ දෛනික ඉපයීම ඇ.ඩො. 2 ට වඩා අඩුයි. රටේ ජාතික ආදායමෙන් 38% ක් භුක්ති විදින්නේ පොසත්ම 10% ය. රටේ මන්දපෝෂණය 23% යි. අපිට අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් ආහාර පිටරටින් ගේන්න වසරකට රු. කෝටි 6000 ක් මේ රජය විසින් වියදම් කරනවා. එනිසා අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ මධ්‍යකාලීන ආර්ථික ප්‍ර‍තිපත්තිය අසාර්ථක ප්‍රතිපත්තියක්.

මීට අමතරව මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා, එක්සත් කම්කරු සම්මේලනයේ ලීනස් ජයතිලක, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ හර්මන් කුමාර, සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ පද්මා පුෂ්පකාන්ති, ශ්‍රී ලංකා සොබා සාමූහික‍යේ තිලක් කාරියවසම්, ලංකා ගොවි සංසදය වෙනුවෙන් සෝමසිරි පුංචිරාළ යන මහත්ම මහත්මීන් අදහස් ඉදිරිපත් කරන ලදී.


සවිස්ත්‍රි සංවිධානය විසින් මුද්‍රිත ප්‍රකාශන කිහිපයක්